Information Technology

ඔයාගේ Computer එක ON වෙන්න යන වෙලාව අඩු කරමු.


පොඩි පොඩි Ram එකක් තියෙන, අඩු Hard Disk එකක් තියෙන PC එකක් On  වෙන්න යන වෙලාව ටිකක් වැඩියි. Software ටික Load වෙනවා බලාගෙන ඉන්න ගියාම එපා වෙනවා.(විශේෂයෙන්ම මගේ PC එක වගේ. :P) ඉතින් ඒ Software ටික Load වෙන එක අඩු කරන පුළුවන්.ඇත්තටම මේකෙදි වෙන්නේ අපේ Pc එක On වෙද්දී අපිට වැඩක් නැති Software ටික Load වෙන එක නවත්තන එකයි.ඒකනිසා  අපිට ඕන Software ටික විතරක් Load කරගෙන අපේ PC එක ON වෙන වෙලාව අඩු කරගන්න පුළුවන්.කතා ඇති අපි වැඩේට බහිමු.

1.මුලින්ම කරන්න ඕන වෙන්නේ Run එකේ මේක Type කරන එකයි. (Run එක ගන්න Windows Button+ R Press කරන්න)

එකේ අපි msconfig කියන එක ගහන්න ඕන.


ඊටපස්සේ එක OK කරාම මෙන්න මෙහෙම එනවා.


2.ඒක ආවාට පස්සේ Startup කියන ටැබ් එක ක්ලික් කරන්න.


ඒ ටැබ් එකේදී පෙන්නන්නේ අපේ මැෂින් එක On වෙද්දී Load වෙන Software ටිකයි.මමනම් ගානට මේක Manage කරගෙන තියෙනවා.ඔයාට කරන්න තියෙන්නේ මේකේ ඔයාගේ මැෂින් එක On වෙද්දී Load වෙන්න ඕන  Software ටිකට ටික් දාලා ඕන නැති Software ටික UnTick කරන එකයි.


ඊටපස්සේ එක Ok කරන්න.ඊටපස්සේ ඔයාගේ මැෂින් එකට Restart කරන්න ඉල්ලයි.ඔයාට ඕනනම් දැන්ම Restart කරන්න.එතකොට ඔයාට දැනෙයි මැෂින් එක On වෙද්දී තියෙන වෙනස. 



Previous
Next Post »