Information Technology

ඔයාගේ ෆේස්බුක් Page එකේ ලයික් වැඩි කරගන්න පුළුවන් ක්‍රම 7ක්..

                  ඔයාගේ ෆේස්බුක් Page එකේ ලයික් වැඩි කරගන්න පුළුවන් ක්‍රම 7ක්..


කාලෙකින් පොස්ටුවක් අරන් අවේ.මේකෙන් කියවෙන්නේ ඔයාගේ ෆේස්බුක් like පේජ් එකේ ලයික් වැඩි කරගන්න පුළුවන් ක්‍රම 7ක් ගැන.මේ කලේ ඉතින් හැමෝටම ලයික් පේජ් එකක් තියෙනවනේ.එක්කෝ තමන්ගේම නමින් පේජ් එකක්,තමන්ගේ Website එකේ පේජ් එකක්,Joke එනම් මනම් දාන එකක් ඔය එක එක විදියේ පේජ් මම දැකලා තියෙනවා.සමහර පේජ් Promote කරනවත් දැකලා තියෙනවා.අපිට කොහෙද ඉතින් පේජ් එකක් Promote කරන්න සල්ලි.මමනම් හිතන්නේ පේජ් එකක් Promote කරනවා කියන්නේ බොරු වැඩක්.ලොකු ලොකු සල්ලි කරයෝනම් ඉතින් පේජ් Promote කරනවා.කතා ඇති නේ.දැන් අපි බලමු අර මම කියපු ක්‍රම 7 මොනවාද කියලා.

                 .ඔයාට තාම පේජ් එකක් නැත්තම් හදාගන්න කලින් මේ ටිකත් කියවලාම ඉන්න.

*ඔයාගේ පේජ් එකට හැමෝටම වගේ හිතට වදින නමක් දාන්න.

*ඔයාගේ පේජ් එක වගේ තව පේජ් තියෙනවනේ. (උදා: ඔයාගේ පේජ් එකෙන් කරන්නේ Joke අනම් මනම් දාන එක නම් ඔයාගේ පේජ් එක වගේ Joke දාන තව ගොඩක් පේජ් තියෙනවනේ)අන්න ඒ පේජ් එක්ක කරට කර ඉන්න.ඔයා හැමතිස්සෙම එයාලත් එක්ක තරග කරන්න බලන්න.

*ඔයාගේ වගේ අනිත් පේජ් එක්ක තරග කරද්දී ශක්තිය වැඩිම කෙනා දිනවී.අනිත් ඇය හැලිලා යාවි. (අපේ Forumwar එක වගේ)

*හැමතිස්සෙම පේජ් එකට නමක් දාද්දි ඔයාගේ යාළුවොත් එක්ක කතා කරලා හොද නමක් දාගන්න බලන්න.

*පුලුවන් තරම් Try කරන්න සිංහලෙන් පේජ් එක කරන්න.එතකොට ඔයාගේ වටේ ඉන්න කට්ටිය තවත් වැඩිවේවි.

*පුලුවන්නම් තවත් Admin කෙනෙක් ගන්න.හැබැයි විශ්වාස කෙනෙක්ව.

#1. ඔයාගේ Page එකේ Settings ටික හරියට හදා ගන්න.

ඔයා Page එකක් හදද්දී අනිවාර්යයෙන්ම ඔයාගේ තොරතුරු Page එකට ඇතුලත් කරන්න.ඔයා Page එකට ඇතුලත් කරන දේවල්  එක අනුව තමයි ඔයාගේ පේජ් එකට Like වැඩියෙන් එන්නේ.එක නිසා ඔයාගේ Page Settings වලදී හරි තොරතුරු දෙන්න.එක නිසා ඔයාගේ Page එකේ Address එක, description, email, website එක හරියට දෙන්න.එතකොට කවුරුහරි කෙනෙක් Facebook Search Bar එකේ මොකක් හරි දෙයක් ගැන Search කරද්දී සමහරවිට ඔයාගේ page එකත් එතනට වැටෙන්න පුළුවන්.එතනෙනුත් ලයික් එකක් හරි වැඩි වෙන්න පුළුවන්.


#2 ඔයාගේ යාලුවොන්ට Page එකට Like කරන්න Invite කරන්න.

ඔයාට පුළුවන් ඔයාගේ යාලුවොන්ට මගේ පේජ් එකට ලයික් කරන්න කියලා Invite කරන්න.ඔයාට Friendsලා 3000-4000 ඉන්නවනම් පේජ් එකට ලයික් ගන්න එක අමාරු වැඩක් නෙවෙයි.හැබැයි ඉතින් Invite කරන්න ගියාම තමයි එපා වෙන්නේ.එක නිසා මම ඔයාලට පොඩි Extension එකක් දෙනවා.එකෙන් ඔයාගේ යාලුවෝ සේරටම Invite යවන්න පුළුවන්.


#3 අනිත් පේජ් වලට ගිහින් like,comment,share කරන්න.

ඔයාට පුළුවන් ලයික් ලක්ෂ ගණන් තියෙන පේජ් වලට ගිහින් ඒවයි තියෙන පොස්ට් වලට Like,Comment කරන්න.හැබැයි ලයික් කරනවාට වැඩ Comment කරන එක හොදයි.එතකොට ඒ පේජ් එකට එන අය ඔයාගේ පේජ් එකටත් ලයික් කරාවි.(ඔයාගේ පේජ් එකට ලයික් කරන එක තීරණය වන්නේ ඔබ දාන Comment එක අනුවය) 

#4 ඔයාගේ පේජ් එක Group වල Share කරන්න.

ඔයාට Friendsල 3000-4000ක් විතර ඉන්නවනම් අනිවා ඔයා Group 100කවත් Join වෙල ඉන්නවා.වැරදුන Join වෙච්චි ඒවා නෙමෙයි අපිව add කරපුව.අන්න ඒ ගෘප් වලින් ප්‍රයෝජනයක් ගන්න මේක තමා අවස්තාව.ඔයාගේ පේජ් එක ගැන පොඩි විස්තරයක් දාල එක හැම පේජ් එකකම පොස්ට් කරන්න.

#5 Exchange Page Sharing

සමහරවිට ඔයා මේක සමහර පේජ් කරනවා දැකල ඇති.ඒ කියන්නේ S4S (Share For Share).මේක කරන්නේ ඔයාගේ පේජ් එක අනිත් පේජ් වල දාල.අනිත් පේජ් ඔයාගේ පේජ් එකේ දාන එකයි.තේරුනාද මන්ද.මේකෙනුත් ලයික් වැඩි කරගන්න පුළුවන්.මේක කරන්නම් හැබැයි අනිත් පේජ් වල ඇඩ්මින්ලත් කැමති වෙන්න ඕනි.මෙන්න මේ යට තියෙන පොටෝ එක වගේ


#6 ඔයාගේ Website එකේ ඔයාගේ ලයික් පේජ් එක දාන්න.

ඔයාට පුළුවන් මගේ සයිට් එකේ වගේ පේජ් එක දාල තියන්න.එතකොට ඔයාගේ සයිට් එකට එන අය ඔයාගේ සයිට් එක හොදනම් ඔයාගේ පේජ් එකට Like එකක් දාල යාවි.

#7 ඔයාගේ පේජ් එකේන්  පොඩි තරගයක් තියන්න

ලංකාවේ සමහර පේජ් එහෙම එක එක තරග තියලා තියෙනවා මම දැකලා තියෙනවා.(ඔයා Fb එන්නේ මොකෙන්ද? 1න්ද? , 2ඬ්?..හිතන්න එකට තියෙන්නේ ෆෝන් එකක්,දෙකට තියෙන්නේ ලැප් එකක් කියලා)අන්න ඒ වගේ තරග තියෙනවා.ඔයත් හොද ඒ වගේ එකක් දැම්මොත්.ගොඩක් අය එකට කැමතිනම් එක Share කරාවි.එතකොට එතනිනුත් ඔයාට ලයික්  හම්බවෙනවා. මෙන්න මේ වගේ.


වැරදී අඩුපාඩු නම් ගොඩක් ඇති .තියේනම් සමාවෙන්න.තියෙන දැනුමෙන් ලිව්වේ. (තාම අවුරුදු 15 කොල්ලානේ)






Latest
Previous
Next Post »

2 comments

Write comments
December 22, 2015 at 1:40 AM delete

මම දන්නවා උබ like.cm දා ගත්ත විදිහ

Reply
avatar
June 5, 2018 at 12:43 AM delete

ඔයා නියමයිනේ මල්ලි. දිගටම ලියන්න. මන් අහම්බෙන් ආවේ මේ පැත්තට. සුබ පැතුම්..

Reply
avatar